එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන උපදේශන කමිටුව හෙට දිනයේදීත් යළි රැස්වී එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
අනිද්දා පැවැත්විමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණඩල රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලයට අනුමැතිය ලබා ගත යුතු හෙයින් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට හෙට දිනයේදී යළිත් කමිටුව රැස්විමට නියමිතය.
එම කමිටුව අද දිනයේදීත් අරලිය ගහ මන්දිරයේදී රැස්වූ අතර එහිදී නව තනතුරු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇත.
අනිද්දා දිනයේදී තනතුරු පිරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
නව තනතුරු පත්කිරීමේදී පාර්ලිමේන්තු කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ගේ ඡන්දයෙන් පත්කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පැවැසීය.
එසේම පක්ෂ නායකත්වය ගැන කිසිම සාකච්ඡාවක් සිදුනොවුණ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.