සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ මෙන්ම දක්ෂතාවටද මුල්තැන දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දක්ෂතා දක්වන පසු පෙළ මන්ත්‍රීවරුන් අතරින් නව නියෝජ්‍ය අමාත්‍ය ධුර 04ක් පමණ ලබාදීමට තීරණය කර ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.
මෙම මන්ත්‍රීවරුන් අතර මෙවර පාර්ලිමේන්තුවට ප්‍රථමවරට පැමිණි මන්ත්‍රීවරුන් සිටීමද විශේෂත්වයකි.
දක්ෂතා දක්වන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටද කැබිනට් අමාත්‍ය තනතුරු පිරිනැමීමට යෝජනා වී ඇත.
එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව මේ වන විට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර ඇති බවද වාර්තා වේ.