එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා තිබේ. පුත්තලමට තරග කළ පරාජය වූ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි මෙසේ එජාප ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙට තිබේ.
ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්රී ධුර ලැබුණු පක්ෂ හතරම ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද , එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි.