ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදෙන ආකාරය පිළිබඳව සහ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට අද (08දා) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වේ.
එක්සත් ජාතික පෙරමුණට අලුතින් එකතු වූ ප්රජාතන්ත්රවාදී පක්ෂය පිළිබඳවද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර, එක්සත් ජාතික පෙරමුණේ පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ගැනීමටද නියමිතව තිබේ.