මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස පත්කර තිබේ. මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් වන ලිපිය තමන්ට ලැබුණ බවයි.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනිනන් යුතුව අප්‍රේල් 26 දා නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස පත්කළ බවත් එය භාර ගැනීම පිළිබඳව පක්ෂයේ මහ ලේකම්වරයාට ලිඛිතව දන්වන ලෙසත්.
මංගල සමරවීර මහතා අද (05දා) සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේ මීට වසර 30කට පෙර තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පත්කරන විට තමන් කිසිවෙටක් එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි තනතුරකට පත්වෙනු ඇතැයි නොසිතූ බවයි.