හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පැරදීමෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම ගියානම් වර්තමානයේදි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි නොවන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ සිය නිවසේ ඊයේ (27 දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ එදා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති නොකරන්න කියා අත උස්සපු මන්ත්‍රීවරු අද ඇමතිකම් ඉල්ලලා පස්සෙන් යන බවයි.
මේ අතර තම පරාජයට හේතුව වෛරි දේශපාලනය බවත් දේශපාලකයින්ගේ කුමන්ත්‍රණ වලට ජනතාව රැවටුණත් තමන් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවන බවද කීවේය.
ජනාධිපති වී නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටීම උසස් පෙළ කර පෙර පාසල් යාම මෙන් විහිළුවක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.