එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාල් අල් හුසෙන් කුමරු අද (07දා) උතුරේ සංචාරයක නිරත විය.
අල් හුසෙන් කුමරු අද උදෑසන පළමුව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්. පලිහක්කාර මහතා හමුවීමෙන් පසුව යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලේ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
පසුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභා මැති ඇමතිවරුන් හා සාකච්ඡාවක් පැවත්වීය. යාපනයේ චුන්නාගම්හි පිහිටි අනාත කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ වන අතර අවසානයේ යාපනය නල්ලූර් කෝවිල වැඳපුදා ගැනීමට නියමිතව ඇත.
මේ අතර අල් හුසේන් කුමරු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට පැමිණෙන අවස්ථාවේදී එම කාර්යාලය ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)