ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර එජනිස මන්ත්‍රීවරුන් 96 දෙනා එකතු කරගෙන නව අගමැතිවරයෙකු යටත් ආණ්ඩුවක් පත්කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව අගමැතිවරයෙකු පත්කළයුත්තේ වර්තමාන අගමැතිවරයා ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වීමෙන් පමණක් බව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද(29දා) පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර පැවැති ව්‍යවස්ථාවේ 47 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අගමැතිවරයා පත් කළහැකි වුවද, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46(2) ව්‍යවස්ථාව අනුව නව අගමැතිවරයෙකු පත් කිරීම සඳහා වර්තමාන අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු හැකියවක් නැති බවත්,මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයකින් තොරව අදහස් පළ කරන බවත්ය.