විනිසුරුවන්ගේ හා නීතීඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මෝනිකා පින්ටෝ සහ වධහිංසාවන් සහ වෙනත් ක්‍රෑර ක්‍රියා, අමානුෂික හෝ නොහොඹිනා සැලකීම් හෝ දඬුවම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුආන් ඊ. මේන්ඩෙස් එළැඹෙන අප්‍රේල් 29 සිට මැයි 07 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
රජයේ ආරාධනයෙන් මෙම සංචාරය සිදුකෙරෙන බවත්, මීට පෙර 2010 වසරේදී වධහිංසාවන් පිළිබඳ විශේෂ නියෝජිතයෙකු මෙරටට පැමිණියත්, විනිසුරුවන් හා නීතීඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් කියැවෙයි.
මෙම සංචාරයේදී ඔවුන් අදාළ අමාත්‍යවරුන්, රජයේ නිලධාරීන්, නීතිපතිවරයා, අධිකරණ මණ්ඩලය, නීතීඥයන්, සිවිල් සමාජ සාමාජිකයන්, ජාතික මානව හිමික් කොමිසම මෙන්ම අගතියට පත් පාර්ශ්ව හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.
ඔවුන් කොළඹ සිදුකරන සංචාරයට අමතරව, උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යඹ හා දකුණු පළාත්වලද සංචාරය කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මෙම සංචාරය අවසානයේදී මෙම විශේෂ නියෝජිත දෙපළ මැයි 07 වැනිදා කොළඹ, එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔවුන්ගේ මූලික නිරීක්ෂණයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාදීමටද නියමිතය.