එක්සත් ජාතීන්ගේ සංවිධානය 70-60 සමරු මුද්දරය එළිදැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වැනි සංවත්සරය සමරමින් අද (24දා) කොළඹදී සිදුවිය.
මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකාරක සහ මෙරට නියෝජිත සුබිනෙයි නන්දෙයි මහතා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
අද එළිදැක්වුණු සමරු මුද්දරය එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වී වසර 70 ක් ගතවීමත්, ශ්‍රී ලංකාව එකසත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 60 ක් ගතවීමත් යන ද්විත්ව සංවත්සරය සනිටුහන් කරන ලද්දකි.
මෙම උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්, සම්බන්ධන් යන මහත්වරුන්ද, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද, රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරින් රැසක්ද සහභාගි වූහ.