අද(24) දිනට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 70නි වසර සපුරායි. 1971 දී, 1948 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් 24 වෙනිදා ‘එක්සත් ජාතීන්ගේ දිනය ලෙස සමරනු ලබයි.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී එදින නිවාඩු දිනයක් ලෙස සැමරීමට සාමාජික රටවල් විසින් නිරීක්ෂණය කර නිර්දේශ කෙරුණි.
දෙවන ලෝක යුද්ධය නිසා සිදු වූ මහා විනාශය හමුවේ එයට සම්බන්ධ වූ හා නොවූ රටවල් 51ක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇමෙරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝ නුවරදී මුණ ගැසී යළිත් එවන් ව්‍යසනයක් වළක්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සමඟ 1945 අපේ‍්‍රල් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ කතාබහ ආරම්භ වී ඇත. මූලාරම්භක රටවල් එක්ව ලියූ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය 1945 ජූනි 26 වනදා අත්සන් කළත් එය ක්‍රියාත්මක වීම ඇරැඹුණේ 1945 ඔක්තෝබර් 24 වෙනිදා ය. එම නිසා ඔක්තෝබර් 24 වෙනි දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක දිනය ලෙස සමරනු ලබයි. 1955 දෙසැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකාවට එජා සාමාජිකත්වය හිමි විය.