එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු මේ රටේ බිහිකර ආගාධයට වැටෙන, ආර්ථික, සමාජීය, දේශපාලනික, පරිහානියට පත්වෙමින් ගරාවැටෙන දේශයට පණ ලබාදෙමින් ජනතාව වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයකදී ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුවහොත් කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත්, තාන්නමාන්න තනතුරු තිබුණත් නැතත් එම කැපකිරීම සිදුකරන අතර පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් ගොඩගැනීමට අවශ්‍ය කටයුතුද නිරතුරුවම සිදුකරන බවත් ඔහු පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය ගෙනයන ජාති, ආගම්, භේදයෙන් තොරව සියලුම දෙනා සෞභාග්‍යය කරා ගෙනයාමේ අතිමහත් වූ ගමනට තමාගේ ශක්තිය ලබාදීමට තමාට අද අවස්ථාවක් ලැබී තිබෙන බවත්, ඒ යුතුකම යටතේ ලක්ෂ 200 ක් වූ පුරවැසියන් වෙනුවෙන් තමා කැපවී කටයුතු කරන බවත් නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ / අමිත් මධුරංග/ ඡායාරූප - ශමීර රාජපක්ෂ / ප්‍රදීප් පතිරණ