මාධ්‍ය‘වේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට හෙළිවී ඇති ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ ඡායාරූප ලබාගැනීමට හා එම කඳවුරේ පවත්වාගෙන ගිය පොත්පත් ඇතුළු ලේඛන පරීක්ෂා කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් ආර්.බී.නෙළුන්දෙනිය මහතා රහස් පොලීසියට අවසර ලබාදුන්නේය.
මෙම පරීක්ෂණ කටයුතුවල යෙදෙන රහස් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යුද හමුදා පොලීසියේ නිලධාරීන් යොදවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා යුද හමුදාපතිවරයාට නියම කළේය.
රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප් පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර දුන්නේය.
මාධ්‍ය‘වේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් රහස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කරනු ලබන පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරුවලට අනුව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප් පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
පරීක්ෂණවලදී හෙළිවූ තොරතුරුවලට අනුව මේ වනවිට ලුතිනන් කර්නර්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් රහස් පොලීසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරන බව අධිකරණයට දැනුම්දී තිබිණි.
සිද්ධියට අදාළ සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් රහස් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලීසිය සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින්, පැහැර ගන්නා ලද මාධ්‍ය‘වේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ රඳවා තබාගත් බවට හෙළි වී ඇතැයිද, හෙළිවූ ස්ථාන නිරීක්ෂණය කොට සෝදිසි කිරීමටත් එම ස්ථාන ඡායාරූපගත කිරීමටත් අවශ්‍ය වී ඇතැයිද සඳහන් කළේය.
මාධ්‍ය‘වේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාට අයත් සීගිරියේ ඇති ඉඩමකදී 2009 අගෝස්තු මස 27 වැනිදා කළ සාකච්ඡාවක් බුද්ධි නිලධාරීන් විසින් පටිගත කොට ඇතැයිද, එම හඬ පටය ඊට පසුදා බුද්ධි අධ්යක්ෂවරයාට යොමුකොට ඇතැයිද නීතිඥවරයා පැවසීය. එම හඬ පටය හා බුද්ධි අධ්යක්ෂවරයා වෙත යොමුකළ ලේඛනද, බුද්ධි නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක හා එයට අදාළ ලේඛනද පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වී ඇති හෙයින් තොරතුරු ලබාදෙන ලෙස නියම කරන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බළකා කඳවුරේ ප්‍රධාන ගේට්ටුවේ පවත්වාගෙන ගිය නිලධාරීන් නිවාඩු ලබා පිටව යෑමේ සහ යළි පැමිණීමේ ලේඛනද, කඳවුරට වාහන පැමිණීම හා පිටව යෑම පිළිබඳව ලේඛනද, එම කඳවුරේ සිට කි.මී. 20 කට වඩා දුරක් යෑමට අනුමැතිය ලබාගැනීමේ ලේඛනද පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වී ඇතැයි නීතිඥවරයා දැනුම් දුන්නේය.
කඳවුරේ ප්‍රධාන නිලධාරීන්ට සහ සෙසු නිලධාරීන්ට ආහාර වියදම් ලබාදීම සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ලේඛනද, පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වී ඇති හෙයින් එම තොරතුරුද ලබාදෙන ලෙස නියම කරන්නැයිද දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලෙන් කරන ලද ඉල්ලීම්වලට අවසර දුන්නේය.