මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි ලබාදෙන්නැයි ඉල්ලා අරලියගහ මන්දිරය ප්‍රධාන දොරටුව අභියසදී අද (06දා) පෙරවරු කාලයේ පොල් ගසා, දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුකෙරුණි.
ජාතික භික්ෂු එකමුතුව, එක්සත් භික්ෂු පෙරමුණ, කතෝලික, මුස්ලිම් ජනතාව, සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ දරුවන් දෙදෙනා, අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පහන් පත්තුකර, කපුරු දල්වා ගිනි පූජා පවත්වමින් එම පිරිස සදහන් කළේ 2010 වසරේ පැවති ජනාධිපතිවරණයට ආසන්න දිනකදී ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් වුවද 2015 ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වූ බවයි.
එබැවින් වහාම එක්නැලිගොඩ මහතා සොය දෙන ලෙසත්, ඔහු අතුරුදන් කිරීමට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසත් මෙම අවස්ථාවට එක්වූ ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අවධාරණය කර සිටියහ.