ඉන්ධන මිල ඉහළ යෑම, අමතර කොටස් මිල ඉහළ යෑම හේතුවෙන් අද (26දා) සිට දෙවැනි කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්රිරෝද රථ සංගමය පවසයි.
අමතර කොටස් මිල අඩුකර ත්රරෝද රථ සේවාව සඳහා ජාතික ප්රතිපත්තියක් සකස් කරන ලෙ ඉල්ලා අද (26දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් බාර දෙන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.
මෙතෙක් පළමු කිලෝමීටරයට රුපියල් 50ක මුදලක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 40ක මුදලක් අයකළත් අද සිට ආරම්භක කිලෝමීටරයේ සිට අවසන් කිලෝ මීටරය දක්වා කිලෝමීටරයකට රුපියල් 50 බැගින් අයකරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර ලංකා ත්රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුධීර ජයරුක් මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තම සංගමයට අයත් ත්රිරෝද රථවල ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන බවයි.