තොග වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ මුහුණු ආලේපන නීති විරෝධී ලෙස විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඇසුරුම් කළ ව්‍යාපාරික ස්ථානයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත්ව තිබේ.
එහිදී රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තැබීමටත් ඔවුන් කටයුතු කර ඇත.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් මෙසේ මුද්‍රා තබා ඇති අතර මුහුණු අලේපන බැරල් වශයෙන් මෙරටට ගෙන්වා ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට පුරවා වෙළෙඳ පොළෙට බෙදාහැර තිබේ.
මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබී ඇත.