වවල්ලාවලි, කාකච්චිවට්ට ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. අද අලුයම මෙම ඝාතනය සිදුව තිබේ.
පියා, දුව හා මිනිබිරිය මෙසේ ඝාතනයට ලක්ව තිබෙන බව පොලීසිය සඳහන් කර අතර දුවගේ හා මිනිබිරියගේ දේහයන් නිවස අසළ ළිඳක තිබී සොයා ගැනිමට පොලීසිය සමත්ව තිබේ.
කන්දයියා වේරින්බන් (65), වේරින්බන් විජිතා (24) ප්‍රශාන්තන් යස්මිකා (අවුරුදු 01යි මාස 06) යන අය මෙසේ ඝාතනයට ලක්ව තිබේ.