එජාපයේ සහ සන්ධානයේ එකම ලැයිස්තුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර මොණරාගල දී ගැටුම් වර්ධනය වෙමින් තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
එසේම ගිනි තැබීම්, පහරදීම් සහ තර්ජනය කිරීම් පිළිබද පැමිණිලි 59 ක් ද සමගින් ඌව මැතිවරණයේ දී මේ දක්වා පැමිණිලි 238 ක් ලැබී තිබෙන බවද කැෆේ සංවිධානය සඳහන් කරයි. එයින් පැමිණිලි 177 ක් මොනරාගල දිස්ත්රික්කයෙන් වාර්තාවි තිබේ.