ඛනිජ තෙල් සංස්ථා සේවක උද්ඝෝෂණය නිසා අද (24දා) දිනය තුළ තවමත් එකඳු තෙල් බවුසරයක්වත් ප්රවාහනය කර නැතැයි තෙල් ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ලීටර් 13,200 ඇතුළුව බවුසර් 300 කට අධික ප්රමාණයක් දෛනිකව ධාවනය වන බවද එම සංගමය පෙන්වා දෙයි.
සේවක වර්ජනය නිසා බවුසර්වලට තෙල් පිරවීම සිදුනොකරන බවත්, එහෙත් වර්ජනය අවසන් කරන මොහොතේම බවුසර් යොමු කිරීමට කටයුතු කරන බවද එම සංගමය සඳහන් කරයි.