ලබන වර ඇමරිකාව, එංගලන්තය මෙන් ලංකාවේමැතිවරණය පවත්වන බවත්, ඒ තුළින් මැතිවරණ දිනවල සිදුවන විශාල පරිසර හානිය නතර කිරීමට කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අඟුණුකොළපැලැස්ස නගරයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
“වෙනදට ඡන්දයක් ආවම පොලිතින්වලින් පරිසරය හානි කරලා කටවුට් ගහලා තියෙනවා. මේ වගේ ඡන්දවලදි ඒක විශාල වශයෙන් සිදුවෙනවා අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි නිසා. අද ඒතත්ත්වය වෙනස් වෙලා. ඇමෙරිකාව, එංගලන්තෙ රටවල මිනිස්සු දන්නෙ නෑ ඡන්දයක් තියෙනවද කියලවත්. මේ ප්රමාණයටවත් කාර්යාල එන එකක් නෑ. මේ තරමටවත් පෝස්ටර් එන එකක් නෑ. මිනිස්සු ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරන තත්ත්වෙට අපි අනාගතේ ඡන්ද ක්‍රමය පත්කරනවා.”