එංගලන්තයේ ලන්ඩන් නුවරට ඊයේ (03දා) රාත්රියේදී ත්රස්ත ප්රහාරයක් එල්ල වුවත් තරගාවලියේ ආරක්ෂාවට එයින් ගැටලුවක් නොමැති බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව තරගාවලිය තවදුරටත් ඉදිරියට ගමන් කරනු ඇත.
එසේම ඉදිරියේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයටත් ආරක්ෂාව ප්රමාණවත් බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ලන්ඩන් නුවරට ප්රහාරය එල්ලවීමත් සමගින් වහාම ක්රියාත්මක වී ඇති ආරක්ෂක අංශ තරගාවලියට එක්ව සිටින කණ්ඩායම්හි ක්රීඩකයන් හා නිලධාරීන්ට ඉහළ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර තිබේ.
එසේම තරගාවලියේ ඉදිරි තරග පැවැත්වෙන ක්රීඩාංගණ සඳහාත් එංගනන්තය ඉහළ ආරක්ෂාවක් සපයා ඇතැයිද ඔවුන් පවසයි.