එංගලන්තයේ ලන්ඩන් නුවර කුරුලු කෞතුකාගාරයේ පර්යේෂණ සඳහා යොදාගත් හීන් කොණ්ඩ මුහුදු ලිහිණියකු කිලෝමීටර් 12,000 ක් දුර පියාසර කරමින් පුත්තලම කලපු සීමාවට පැමිණ තිබියදී වනජීවී නිලධාරීන්ට භාරදීමට එම පක්ෂියා අල්ලාගත් පිරිස පසුගියදා (20දා) කටයුතු කර තිබිණි.
වැහිලිහිණි පක්ෂීන්ගේ ගණයට අයත් හීන් කොණ්ඩ මුහුදු ලිහිණියා (lassercrestedterh) යුරෝපයේ ඉතාලිය,ලිබියාව, ප්රංශය යන රටවල් සිය වාසභූමිය කරගෙන තිබෙන බවත්, රතු මුහුද හරහා ඉන්දියන් සාගරයට පැමිණෙන බවත් සඳහන් වෙයි.
මෙම පක්ෂියා ලන්ඩන් කුරුලු කෞතුකාගාරයේ පර්යේෂණ සඳහා යොදාගත් බවට සියලු තොරතුරු ඇතුළත් කුඩා රිදී වළල්ලක් දකුණු පාදයේ යොදා තිබූ අතර, ඒ තොරතුරු අනුව අදාළ කෞතුකාගාරයට මේ පිළිබඳ දැනුම්දීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු පවසති.