ආරක්ෂාව පතා ශ්රී ලංකාවට පැමිණි පාකිස්තානු ජාතිකයන් පිටුවහල් කිරීමට ශ්රී ලංකාව ගත් ක්රියාමාර්ගය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් දෙදෙනෙකුගේ අකමැත්ත අද (14දා) ප්රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවිය ප්රකාශකළේ ශ්රී ලංකාවට පැමිණෙන පාකිස්තානු ජාතිකයන් කිසිදු වගවිභාගයකින් තොරව මෙසේ පිටුවහල් කරමින් තිබෙන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්ෂුද්ර කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත රිටා ඉසාක් සහ එක්සත් ජාතීන්ගේ ආගමික නිදහස පිළිබඳ විශේෂ නියෝජිත හෙයිනර් බ්ලෙන්ෆෙල්ඩ් විසින් මෙසේ සිය අදහස් ප්රකාශ කර තිබේ.
ඔවුන් තවදුරටත් ප්රකාශ කරන්නේ අගෝස්තු මාසයේ ආරම්භයේ සිට පාකිස්තානු ජාතිකයන් 108 දෙනෙකු පිටුවහල් කර තිබෙන බවයි.