ඌව පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු මෙන්ම මොණරාගල දිස්ත්රික් එ.ජා.ප. සංවිධායකවරයෙකුද වන ජානක තිස්සකුට්ටිආරච්චි මහතාට අයත් වැල්ලවාය හඳපානාගල ප්රදේශයේ පිහිටි ප්රචාරක කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් පහරදී විනාශ කර තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.
එසේම මෙවර පළාත් සභා මැතිවරණයේ වාර්තා වූ පළමු ප්රචණ්ඩ ක්රියාව මෙය වන බවද කැෆේ සංවිධානය පවසයි. පළාත් සභා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදීමටත් පෙර මෙවැනි තත්ත්වයක් වාර්තා වීම සැල්කල්ලට ගතයුතු කරුණක් බවද ඔවුහු පෙන්වා දෙති.
එසේම මැතිවරණ නීති ආරක්ෂා කිරීමට පොලීසිය කටයුතු කළ යුතු බවද කැෆේ සංවිධානය පවසයි.