ඌවේ නව ඇමති මණ්ඩලය දිවුරති
- 22 10 2015
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- . .
ඌව පළාත් සභාව සදහා නව අමාත්‍යවරු 04 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතාගේද සහභාගිත්වයෙන් අද (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලි බල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද,
ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ආර්.එම්. කුමාරසිරි රත්නායක මහතාද,
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතාද,
ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික, පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සාලිය සුමේධ ද සිල්වා මහතාද දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

