ඌව පළාතේ දමිළ පාසල්වලට ( පාසල් කාලය තුළ) පෙ .ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා සියලු දේශපාලඥයන්ට ඇතුළුවීම තහනම් කළ බව ඌව පළාත් දමිළ අධ්‍යාපන, මාර්ග, වතු යටිතල පහසුකම් හා සමුපකාර අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ ඊයේ (29දා) සිය අමාත්‍යාංශ කාර්යාලයේදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමිනි.
මේ තහනම පළාත් දමිළ පාසල් අධ්යාපනවරයා වන තමාටද වලංගුවන බවත්, කෙසේ නමුත් හදිසි ආපදා තත්ත්වයකදී මේ තහනම වලංගුනොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
තමා විසින් ඌව ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ මහතාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඒවායේ නීතිමය තත්ත්වය විමර්ශනය කිරීමෙන් පසු ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.පී. විජයරත්න මහතා විසින් අදාළ චක්‍රෙල්ඛනය නිකුත් කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් පාසල් සංවර්ධන රැස්වීම් පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කල් ඇතිව ලබාගත් අවසරය මත පැවැත්විය හැකි බවද එහි සඳහන්වේ.
දමිළ පාසල්වල , සංස්කෘතික මධ්‍යස්ථාන , ක්‍රීඩාංගණ, ශ්‍රවණාගාර , රැස්වීම් ශාලා, පුද්ගලික අමුණු සඳහා යොදා ගැනීම සපුරා තහතනම් වන අතර, අධ්‍යාපන වැඩසටහන් සඳහා යොදාගැනීමේදී එම ආයතන විසින් ව්‍යාපෘති වාර්තාවක් ඌව දමිළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාවෙත කල් ඇතිව ඉදිරිපත් කර අවසර ලබාගත යුතු බවද එම චක්‍රෙල්ඛණයේ සඳහන්ව ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බදුල්ලේ - පාලිත ආරියවංශ / ඇල්ල ප්‍රසාද් රුක්මල්