ඌව පළාතේ පළාත් පාලන ආයතන මගින් එකතු කරන කසළවලින් ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ විදුලිබල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාව පියවර ගෙන ඇත.
කොරියානු සමාගමක් සමග එක්ව සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කිරීම ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා සටාර් ග්රූප් ලංකා සමාගමේ සභාපති ජිංගි ටේක් යන මහත්වරු විසින් ඊයේ (24) ඌව පළාත් සභාවේ මහ ඇමති කාර්යාලයේදී සිදුකෙරිණි.
මෙමගින් මෙගවොට් 5-10 ත් අතර විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට එම සමාගම අපේක්ෂා කරයි.
ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් පාලන කොමසාරිස් එම්. එම් .විජේනායක සහ ප්‍රධාන අමාත්‍ය නීති උපදේශක නීතිඥ සුජීව ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
බදුල්ලේ පාලිත ආරියවංශ /ලුණුගල ප්‍රසන්න