මහ මැතිවරණයේදි පාර්ලිමෙින්තුවට පත්වූ ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු 6 වෙනුවට නව මන්ත්‍රිවරු පත්කිරිම ඉතාමත්ම ඉක්මනින් සිදුවෙන බව වාර්තාවෙයි.
පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමසාරිස්වරයාට එම නම් ඉදිරිපත් කිරිමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා අදාළ නම් නිවේදනය කිරිමට නියමිතය.
මෙසේ නමි කිරිමෙිදි මනාප ලැයිස්තුවෙි ඊළගට නමි සඳහන් අයම පත්කල යුතුයැයි නියමක් නැතිබවද දැනගන්නට ඇත.
මහ ඇමතිවරයා පත්කිරිම බහුතර මන්ත්‍රී කැමත්ත අනු සිදුවන බව උසස් නිලධාරියෙක් පැවසීය.
ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමැති හරින් ප්‍රනාන්දු, ඇමතිවරු වන රවින්ද්‍ර සමරවීර වඩිවේල් සුරේෂ් ආනන්ද කුමාරසිරි මන්ත්රිීවරුන් වන චාමර සම්පත් දසනායක පද්ම උයද ශාන්ත ගුණසේකර යන මහත්වරු මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වුහ