ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරද්දන්නත් මහින්ද රාජපක්ෂ පරද්දන්නත් පළමු වෙඩි මුරය තිබ්බේ සුද්දාගෙන් පසු ඌවට ලොකුම විනාශය කළ ඌව හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
රුපියල් මිලියන පනස් එකක වියදමින් වැලිමඩ උඩුබාදන පහළ කිරින්ද වැව ගොවි අයිතියට පත් කිරීමෙන් පසු පැවති ජනහමුවේදී ඒ මහතා එසේ පැවසීය.
"එයා මහ ඇමති වුණාට පස්සේ බදුල්ල පැත්තේ ආවේ නෑ. එයා මොණරාගලට විතරයි වැඩ කළේ. බදුල්ල අමතක කළා. මොණරාගලට බඩු බෙදන්න මිලියන හත්දාහක් වියදම් කළා. ඡන්දෙ දිනන්න බඩු බෙදන්න ඕනි නෑ මොණරාගලට. අපිට දැන් වැඩ කරන්න එක්සත් ජාතික පක්ෂය ද ශ්‍රී ලංකාද කියලා භේදයක් නෑ." යැයි ඔහු සඳහන් කළේය.
වැලිමඩ කුමාරගේ / බණ්ඩාරවෙල රවිඳු දසුන්