ඌව පළාතේ ප්රධාන නගර කිහිපයකට මත්කුඩු ඊසි කෑස් ක්රමයට බෙදූ තණමල්විල දෙව්රම් වෙහෙරේ ප්රධාන බෙදා හැරීම් නියෝජිතයා මත් කුඩු ග්රෑම්ස් 2 යි මිලි ග්රෑම්ස් 30 ක් සමඟ අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ විශේෂ විෂ මත් දව්ය වැටලිම් ඒකකය කියයි.
වයස අවුරුදු 34 ක් පමණ සැකකරු මීට ප්රථම ගංජා අලෙවි කිරීමේ නිරත වී සිටිය දි අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප ලබා සිටින අයෙක් බවද පොලිසිය කියයි.
මොහුගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමැතුම් වලට අනුව අදාළ මුදල් ගෙවිමෙන් පසු මත් කුඩු පැකට් රහසිගතව නොයෙක් ස්ථානවල සඟවා එම ස්ථානවලින් ගැණුම් කරුවන් රැගෙන යැම සිදු කෙරේ.
ඒ අනුව මොණරාගල, බුත්තල, තිස්සමහාරාමය, වැල්ලවාය, කතරගම, ඇල්ල යන ප්රදේශවල ප්රධාන නගරයන්හි මත් කුඩු බෙදා හැරිම සිදු කරන බවට පොලිස් පරික්ෂණ වලින් හෙලි වී ඇතැයි පොලිසිය කියයි.