ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්කිරීමට සන්ධානය කටයුතු කොට තිබේ.
ඒ අනුව ඔවුන් මන්ත්රීධුරවලින්ද ඉවත්කිරීමට අදාළ කටයුතු සිදුකරන ලෙස සන්ධාන මහලේකම් ඌව පළාත් සභා ලේකම්වරයාට දැනුම් දී තිබේ. උෟව පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එකසත් ජාතික පක්ෂයට ලබාදීමට සහාය දීමේ චෝදනා යටතේ ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමිකර තිබේ.
අනුර විදානගමගේ, වඩිවේල් සුරේෂ්, කිත්සිරි සෙනරත් අත්තනායක හා හරීන්ද්‍ර ධර්මාස යන අය සන්ධානයෙන් ඉවත්කොට තිබේ.