1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගි වීම හේතුවෙන් මරණ දණ්ඩනය ලබාදුන් සහ රටින් පිටුවහල් කළ විරුවන් 84 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කෙරෙන ගැසට් පත්‍රයට අත්සන් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට(01දා) මහනුවරදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව හෙට පස්වරු 04.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී එය සිදු කෙරේ.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, කථානායකවරයා ප්රමුඛ අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.