විදුහල්පතිනියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන්
පක්ෂය පරීක්ෂණයක්ද සිදුකරන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(20) පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවයි.