ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් තමන් වහන්සේට බාධා කිරීම සම්බන්ධව හෙට (06දා) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ පැවසූහ.
ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මහඇමතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී තමන් වහන්සේට බැණවැදී පහරදීමට උත්සහ කළ බවත්,මේ හේතුවෙන් මානව හිමිකම් කඩවී තිබෙන බවත් එහිමියෝ ප්‍රකාශ කළහ.
හෙට පෙරවරු 9.30ට මානව හිමිකම් කොමිසමට ගොස් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන බවද ඥානානන්ද හිමියෝ පවසා සිටියහ.