රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන්ට තර්ජනය කර පහරදීමට තැත් කළ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා වහා එම තනතුරෙන් ඉවත් කරන ලෙස කැෆේ ඇතුළු මානව හිමිකම් සංවිධාන ජනාධිපතිවරයා වෙත විවෘත ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ඌව පළාත් ගුරු විභාග සමතුන් දැනට පවත්නා පුරප්පාඩු සදහා බදවාගන්නා ලෙස සිදු කළ උද්ඝෝෂණය අතරතුර මහ ඇමතිවරයා විසින් තැන්නේ ඥාණානන්ද හිමියන්ට පහරදීමක් සිදු කර ඇති බවත් ඌව පළාත් සභා ගොඩනැගිල්ලේ දී මෙම පහරදීම සිදුවන විට මාධ්‍යවේදීන් ද එම ස්ථානයේ සිටි නමුත් සිදුවීම ඔවුන් වාර්තා කර නොමැති බවත් එම සංවිධානය පවසයි.
උද්ඝෝෂණයෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයා හමුවීමට ඔහුගේ කාර්යාලය ගිය අවස්ථාවේ දී මෙම තර්ජනය හා පහරදීම සිදුව ඇති බව වාර්තා වෙන අතර එයට අදාළව විඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි.