තමා මුල්‍ය වංචාවක් සිදුකර ඇතැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශය හැකිනම් ඔප්පු කරන්නැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට අභියෝග කරයි.
වරදක් කළ බව සමන්ත විද්‍යාරත්න මහතා ඔප්පු කළහොත් තමා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, එසේ ඔප්පු කිරීමට නොහැකි වුවහොත් සමන්ත විද්‍යාරත්න මහතා පළාත් සභාවෙන් ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ ආරධනයෙන් මහියංගණ රිදීමාලියද්ද ප්‍රදේශයේ පොදු ගැටලු හඳුනාගැනීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීවිමෙන් අනතුරුව රිදීමාලියද්ද මහා විද්‍යාලයේ පැවැති උත්සව සභාවේදි ප්‍රධාන අමාත්‍යවරයා එම අභියෝගය කළේය.
“කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. ලස්සනට කතා කරන්න පුළුවන් අය ඉන්නේ රිදීමාලියද්දේ කියලා තමයි මම නම් දැන් හිතන්නේ.ඒකට හෙතුව තමයි බොරුව හරි ඇත්ත කියලා, ඇත්ත විදිහට ලංකාවට පෙන්නන්න පුළුවන් දෙන්නෙකුගේ කතා දෙකක් ඇහුවා. එක්කෙනෙක් සමන්ත විද්‍යාරත්න මහත්තයා.
සමන්න විද්‍යාරත්න මන්ත්‍රීතුමාගේ කතාවෙදි කිවුවා දෙශපාලන වශයෙන් හැලහැප්පිලි තියනවා,කියන්න ඕනි දේ කියනවා කියලා. පහුගිය දවස් ටිකේ මට කොළඔ ඉන්න නැහැ.සමන්ත විද්‍යාරත්න මහත්තයා මට බනිනවා.ජනාධිපතිතුමත් මගෙන් ඇහැව්වා මොනවද මේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා කියන්නෙ කියලා. මම කිවුවා ඒවට උත්තර දෙන්න මම එයාගේ ගමට යනවා. එදාට එතුමා ඉන්න තැනම ඕක කියන එක හොඳයිතැන් තැන්වල කියනවට වැඩිය.
මන්ත්‍රීතුමා මම මුදල් හොරකම් කරලා තියෙනවා නම් මම ඌව පළාත් සභාවේ දවසක්වත් ඉන්නෙ නැහැ අයින් වෙනවා. මම වැරැද්දක් කරලා නැත්නම් ඔබතුමා අයින් වෙන්න ඕනි.
ඔබතුමා මට මේවාගේ බොරු චෝදනාවක් කළාට මම සීනිගම දේවාලයේ මිරිස් අඹරනවා.ඒ වගේම මම කාලි දේවාලයේ උදේ දවස් හතක් වෙන් කරලා පොල් ගහනවා.ඔබතුමා වැරැද්දක් කරලා නැතිනම් මගේ කරින් යයි, මම වැරදි කරලා නැතිනම් ඔබතුමාගේ කරින් යයි” යනුවෙන්ද මහ ඇමතිවරයා කියා සිටියේය.