ඌව පළාතේ මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් බස් රථ 100ක් බෙදාදීම බදුල්ල ප්‍රධාන බස් රථ නැවතුම් පොළේදී අද (29දා) සිදුකෙරිණි.
බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක 2කට අයත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 10ක් සඳහා මෙම බස්රථ බෙදාදුන් අතර, එම උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආසන 60 ක් සහිත දොර දෙකේ බස් රථ 10 බැගින් මෙහිදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ වෙත හිමි වූ අතර, ඉදිරියේදි තවත් බස් රථ 50ක් ඌව පළාතේ මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ලබාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.