ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්රීවරුන් කිහිප දෙනකු විපක්ෂයට එක්වීමට සැලසුම් කර තිබෙන බැවින් ඌව පළාත් සභාවේ බලය ලබන සතිය වනවිට එක්සත් ජාතික පක්ෂය සතුවන බවද ඌව පළාතේ විපක්ෂ නායක හරීන් ප්රනාන්දු මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ගෙන මහින්ද මහත්තයා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ කළත්, ගිය කෙනාගේ ඡන්ද පදනම බිංදුවක් බවත්, ආණ්ඩුවෙන් පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට පෙරේදා (10දා) පැමිණි දෙදෙනාගේ ඡන්ද පදනම ලක්ෂ 10 ඉක්මවන බවත් ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්රනාන්දු මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ගිය කෙනා සමග අරලිය ගහ මන්දිරයට ගිය අනෙත් කෙනාගේ ඡන්ද පදනමත් 22,000කට ආසන්න බැවින් ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ඉෂ්ට නොවන බවද හෙතෙම පවසා සිටියේය.