ඌව පළාත් සභා තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට වෙන්කර තිබූ දින 2ක ඊයේ (05දා) දිනයෙන් අවසන් විය.
කෙසේ වෙතත්, පෙරේදා (4දා) සහ ඊයේ (5දා) තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ රාජ්ය සේවකයන්ට සැප්තැම්බර් මස 11 වැනිදා දිස්ති්රක් ලේකම් කාර්යාලයට පැමිණ ඡන්දය ප්රකාශ කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට අනුව මෙවර තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට සුදුසුකම් ලැබූ වැඩි පිරිසක් ඔවුන්ගේ තැපැල් ඡන්දය භාවිත කර ඇති බව පැවසෙයි.