ඌව නව ඇමති මණ්ඩලය දිවුරයි
ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය අද ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.පී. ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඌව පළාත් සභාවේ නව ඇමති මණ්ඩලය මෙසේය.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සමාජ, සුභසාධන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද,
ආනන්ද කුමාරසිරි මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂණ, වනිතා කටයුතු, විදුලිබල අමාත්‍යවරයා ලෙසද,
රවී සමරවීර මහතා මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, සමූපකාර, සත්ත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙසද,
අනුර විදානගමගේ මහතා කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්හ.
ක්‍රීඩා හා යෞවන කටයුතු, පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ වඩිවේල් සුරේෂ් මහතාය.
පාලිත ආරියවංශ/ චාමර සම්පත්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
