ඌව පළාත් සභාව ඉදිරිපිට අද (25දා) ඇතිවූ ගැටුමකින් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් දෙදෙනෙක් ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්රීවරුන් වන ආරුමුගම් ගනේෂමූර්ති හා උපාලි සෙනවිරත්න යන අය මෙසේ තුවාල ලබා ඇත. තුවාල කරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.