කන්තලේ මහේස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුවක සාක්ෂි දෙමින් සිටි සාක්ෂිකරුවෙකු මීට ස්වල්ප මොහොතකට පෙර උසාවිය තුළ ඇද වැටීමෙන් මියගොස් තිබේ.
සහල් සම්බන්ධ නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේ සාක්ෂිදෙමින් සිටි අදාළ පුද්ගලයා වයස අවුරුදු 42 ක පමණ අයෙකු බවත්, හෘදයාබාධයක් හටගැනීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් වාර්තා වේ.