නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට රට වැසියාට තිබෙන අවස්ථාව අහිමි කරමින් එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (24දා) පැවසීය.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලය තුළදී ඒ ආකාරයට අණපනත් කිහිපයක්ම සම්මත කර ගත් බවද මන්ත්‍රිවරයා මෙහිදී සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,
“පහුගිය අණපනත් කිහිපයකදීම පෙන්නුවා උසාවියට යන්නේ උසාවියේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ එක කෙටුම්පතක්, හැබැයි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවෙදී පනත් කෙටුම්පතේ අන්තර්ගත කාරණාවලට වඩා පුළුල් කාරණා සංශෝධන වශයෙන් ඇතුළත් වෙනවා. ඒවට විරුද්ධව රට වැසියාට උසාවි යන්න බැහැ.
ඒ විදියට තමයි දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය කළෙත්.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පළාත් සභා මැතිවරණයට අදාළ කෙටුම්පත සංශෝධනය කළෙත්, ඊට පෙර අවස්ථා කිහිපයකදීම පනත් කෙටුම්පත් සම්මත කර ගත්තෙත් අධිකරණයේ භූමිකාව නොතකා හැරලයි. අධිකරණය දෙනු ලබන නිර්ණායක පැත්තකට වීසි කර දමලා කාරක සභා අවස්ථාවෙදි පනතට වඩා සම්පූර්ණයෙන්ම හානිකර පනතක් තමයි සම්මත කර ගනු ලැබුයේ. එම කූට ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීමට ඉඩ තියෙනවා“යනුවෙන් පවසා සිටියේය.