අද (23දා) අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම තහමනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණද එය නොසලකා හරිමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ස්වාමීන් වහන්සේලාද එම ස්ථානයට පැමිණ සිටිති. සිංහ කොඩි අතින් ගත් පිරිසක්ද එහි වෙති. උද්ඝෝෂකයන් බෞද්ධාලෝක මාර්ගයේ වාඩිවී විරෝධතාවේ නිරතව සිටිති. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පවතියි.