උසස් පෙළ සිසුවා කුඩුත් එක්ක පොලීසියේ
- 14 08 2014
- 12:42
- {{hitsCtrl.values.hits}} views
- . .
මත්කුඩු ළඟ තබාගත් බව කියන මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුවෙකු හා තවත් අයෙකු අක්මීමන පොලීසිය විසින් ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිසුවා ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන අතර, ඔහු සතුව මත්කුඩු (හෙරොයින්) මිලිග්‍රෑම් 800ක්ද, ඔහුගේ මිතුරා සතුව මිලිග්‍රෑම් 1600ක්ද තිබී ඇත.
සැකකරුවන් දෙදෙනාම 19 වැනි වියේ පසුවන අතර, ඔවුන් වලහන්දූව විජයානන්ද මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම ප්‍ර‘දේශයේම පදිංචිකරුවන් වන මොවුන් අද (14දා) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
රවීන්ද්‍ර ශ්‍රී ලාල් හිනිදුම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
