අයදුම්කරුවන්ගේ පහසුව සඳහා අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ඉහළ මට්ටමට ගෙන ඒමට කටයුතු කර තිබෙන බවත් ඒ සඳහා නව අංග 3ක් එක් කිරීමට කටයුතු කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය. ඒ අනුව ප්‍රවේශ පත්‍රයට අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම, කුමන විෂය ධාරාවක් ද යන්න ඇතුළත් කිරීම සහ විභාග මධ්‍යස්ථාන අංකය ඇතුළත් කිරීම සිදු කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම විභාගය නියමිත පරිදි අගෝස්තු 04 වැනි දා ආරම්භ කර අගෝස්තු 13 වැනි දා දක්වාත් නැවත අගෝස්තු 24 වැනි දින සිට සැප්තැම්බර් 8 වැනි දා දක්වාත් පැවැත්වේ. මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටින බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.