උසස් අධ්‍යාපන ආයතන හා පාඨමාලාවන්හි තත්ත්වය සහ ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා ස්ථාපිත කොමිසමක් පිහිටුවීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පිහිටුවන මෙම කොමිසම හරහා විශ්වවිද්‍යාල හා පුද්ගලික අධ්‍යාපන ආයතන විසින් පවත්වන පාඨමාලාවන් පිළිබඳව සොයා බලා ගුණාත්මක වශයෙන් පවත්වාගෙන යන පාඨමාලා පමණක් පැවැත්වීමට අවසර ලබාදීමට නියමිතව ඇත.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු මහතා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග අද (30දා) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.