දවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (23දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය විසිහතර සඳහා වන කාලකුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.
ඒ අනුව යාපනය දිසිත්‍රික්කයේ උපරිම උෂ්ණත්වය සාමන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4කින්, බදුල්ල, මඩකලපුව, හම්බන්තතොට සහ වව්නියාව යන දිස්ත්‍රික්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින්, කුරුණෑගල, රත්නපුර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්යස් අංශක 2 කින් ද ඉහළ ගොස් ඇති බවයි.
එම දිස්ත්‍රික්කවල සාමාන්‍ය උෂ්ණත්වය දහවල් කාලයේ ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන දෙපාර්තමේන්තුව රාත්‍රී කාලයේදී කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් ඉහළ ගොස් ඇති බවද පවසයි.මේ අතර ඊයේ දිනයේදී වැඩිම උෂ්ණත්වය වව්නියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවත් එහි අගය සෙල්සියස් අංශක 36.8ක් බවද පවසයි.
අද දිනය හා හෙට දිනය පිළිබඳව නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් පවසන්නේ ශ්‍රී ලංකාවට තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි. නමුත් මධ්‍යම හා සබරගමුව පළාත් වල ස්ථාන කිහිපයකට සිහින් වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වෙයි.