උමා ඔය ව්‍යාපෘතිය මඟින් ළිංවල ජලය සිඳීයාම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අවශ්‍ය පිළියම් යොදන තෙක් එම ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීමට තීරණය කර ඇතිබව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවැසීය.
ඒ අනුව සති තුනකට මෙම ව්‍යාපෘතිය නවත්වා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම ඇතුළුව ව්‍යාපෘති අධ්‍යක්ෂකගෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇතැබවද හෙතෙම පැවසීය.
උමා ඔය ව්‍යාපෘතියේ උමඟෙන් මේ වනවිට ජලය කාන්දු වන බව සඳහන් කරන ලේකම්වරයා සිද්ධියට වහාම පිළියම් යෙදිය යුතුව ඇතැයිද සඳහන් කළේය.