"උමා ඔය ව්‍යාපෘතිය, අපට කලින් හිටපු ආණ්ඩුවෙන් සිදුකළ ක්‍රියාවලියක්. නමුත් ව්‍යාපෘති වාර්තාවෙදි පරිසරවේදීන්ගෙන් අවසරයක් ලැබුණද කියන එක දැවැන්ත ප්‍රශ්නයක්. කෝටි ගණනක මුදලක් දැනටමත් නාස්ති වෙලා තියෙනවා. නමුත් තවමත් මෙය තියෙන්නේ ආරම්භයේ. අද හෙට මෙය නවත්වා ගත්තේ නැතිනම් විශාල තර්ජනයක් වෙනවා. දැනටමත් බදුල්ල දිස්ත්‍රික්කයේ, විශේෂයෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශය ගිලාබැසීමේ තර්ජනයකට ලක්වෙලා තියෙනවා." යැයි ඌව පළාත් මහ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (27දා) ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,
‘‘ඌව පළාත තුළ විශාල ප්‍රශ්නයක් ඇතිවෙමින් පවතිනවා. මේ අවස්ථාවේදී අපි උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වී තිබෙන පරිසර හානිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද වනවිට මෙය ජනතාවට දැවැන්ත හිංසනයක් බවට පත්වෙලා තියෙනවා. බීමට වතුර ටිකක් නැතිව, තමන්ගේ නිවෙස් ආරක්ෂා කර ගැනීම නොහැකි තත්ත්වයට පත්වෙලා තියෙනවා.
පුහුල්පොල හා වැල්ලවාය යන ප්‍රදේශවලින් ආරම්භ වෙලා තියෙන එම උමං මාර්ග ඔස්සේ යන මෙම ව්‍යාපෘතිය නිසා අද වෙනකොට විශාල ජල උල්පත් ප්‍රමාණයක් සිඳී යාමේ අවදානමකට ලක්වෙලා තියෙනවා. මට ආරංචි වෙලා තියෙන විදියට නිල නොලත් අන්දමින් එහි ඉංජිනේරු මහත්වරු අපිත් එක්ක සාකච්ඡා කරද්දි දැන ගත්තා විශාල ජල උල්පතක් උමං මාර්ගය තුළට කාන්දු වෙලා තියෙනවා. මේ නිසා සම්පූර්ණයෙන්ම අනෙක් ජල උල්පත් සිඳිලා ළිංවල වතුර බිංදුවක්වත් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
දැන් අපට පුංචි සැකයක් තියෙනවා, මීරියබැද්ද නායයාමට හා අහඹු ලෙස මේ පහුගිය කාලවකවානුව තුළ විශාල නායයාමේ තර්ජනයකට බදුල්ල දිස්ත්‍රික්කය යොමුවුණේ මේ උමං මාර්ගවල කැණීම් කටයුතු නිසාද කියලා." යැයි පැවසීය.